අප ගැන
කළමණාකරන ව්‍යූහය
ගුරු මන්ඩලය
පාසැලේ විදුහල්පතිවරු
පාසල් සංවර්ධන සමිතිය
පුස්තකාලය
පරිගණක ඉගනුම් මධ්‍යස්ථානය
ශිෂ්‍යනායක මණ්ඩලය
පාසල් ගීතය
විභාග ප්‍රතිඵල
 
 

දැක්ම:

දැයට හිතැති
ගුණ ණැන පිරි
නව යුගයට
දරු පිරිසක්
මෙහෙවර:
අනාගත
යුග මෙහෙවරට
ජාතිකාභිමානයෙන්
ගුණ නුවණින් හා
සමබර පෞර්ෂයකින් යුත්
නිර්මාණශිලී
නිපුණතා පිරි
සිසු පරපුරක්
දැයට දායාද කිරීම
මෙහෙවරය
අපගේ …………

ඉතිහාසය:

මාතර දිස්ත්‍රික්කයේ වැලිගමි කෝරලයේ සුප්‍රකට දෙනිපිටිය ග්‍රාමයේ පිහිටි මෙම විදුහල රජයේ විදුහලක් ලෙස ආරම්භ කරන ලද්දේ 1931-10-10 දින දී ය. එහෙත් එයට පෙර හල්ලල ගුණතිලක රාළහාමි හා මැණික් වත්තේ ජයවර්ධන මහත්මයා ද ගම් ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ ද මැදිහත්වීම පිට දෙනිපිටියේ සමාගම් පාසලක් පවත්වාගෙන ගිය බව පැරැන්නෝ පවසති. ආරම්භයේ දී 300 ක පමණ ශිෂ්‍ය පිරිසක් සිටි අතර නොබෝ දිනකින් එම සංඛ්‍යාව වර්ධනය වී ඇත. ගුරු සංඛ්‍යාව 06 කි. ගොඩනැගිලි 01 කි. භූමි ප්‍රමාණය අක්කර කාලක් විය. ආරම්භයේ දී විදුහල්පති ලෙස සේවය කර ඇත්තේ එච්. බී.සුගතදාස මහතා ය. 1931-10-10 දින සිට 1936-05-01 දින දක්වා විදුහල්පති ලෙස සේවය කර ඇති මොහුගෙන් විදුහලට ඉමහත් සේවයක් ඉටු වී ඇත.

මුල දී පහළ බාලාංශයේ :1සිට- කනිෂ්ඨ පන්තිය දක්වා පන්ති පැවති අතර නොබෝ කලකින්ම ජ්‍යෙෂ්ඨ පාඨමාලා සහතික පත්‍ර විභාගයට ළමයින් ඉදිරිපත් කරන විදුහලක් බවට පත් විය. ශිෂ්‍ය සංඛ්‍යාව වැඞ්වත්ම 1-5 දක්වා කනිෂ්ඨ විද්‍යාලය ලෙසත් 6 සිට උසස් පෙළ පන්තිය දක්වා මහා විද්‍යාලය ලෙසත් පවත්වාගෙන යන ලදි. ශිෂ්‍ය සංඛ්‍යාව 1000 ආසන්න වත්ම ප්‍රාථමික විද්‍යාලය මෙම විඳුහල් භූමියෙන් ඉවත්කර වෙනම ස්ථානයකට ගෙනයන ලදි. ක්‍රමයෙන් වර්ශයක් පාසා එක්එක් පන්තිය බැගින් ඉවත්කර 1-5 දක්වා ප්‍රාථමික විද්‍යාලය ලෙසත් 6-13 දක්වා මහා විද්‍යාලය ලෙසත් පවත්වාගෙන යනු ලැබීය.

අද 6-13 දක්වා ශිෂ්‍ය සංඛ්‍යාව 580 කි.‍ෙපාදු විෂයන්ට අමතරව ච්ත්‍ර, නැටුම්, සංගීත යන සෞන්දර්ය විෂයන්ද ලී වැඩ, විවීම්, ගෘහ විද්‍යාව වාණිජ ලඝු යතුරු ලියනය , කෘෂි විද්‍යාව හා තාක‍ෂණික විෂයන් ද උගන්වනු ලැබේ. උසස් පෙළ කලා හා වාණිජ අංශ වල ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙනුම ලබති.

copyright@CLC-Denipitiya MV
Design by: A.W.K.Rasika Shymalie (IT Graduate Teacher Denipitiya MV)